SAG 2019 – අරුණ සහ දිල්ෂි මව්බිමට රන් ගෙනෙද්දි, ප්‍රියන්ත ලක්මාල් රිදියෙන් සරසයි   

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී, එහි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගැනීමට දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අද ( 05 )  සමත් වූවාය.

කාන්තා මීටර 400 තරග ඉසව්ව නියෝජනය කිරීම සඳහා නේපාලය වෙත පිටත්ව ගිය නදීෂා රාමනායකට උණ වැලදීම හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු දිල්ෂි කුමාරසිංහ විසින් අවසන් මොහොතේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා දීමට සමත් වීම විශේෂත්වයකි.

පිරිමි මීටර 400 රන් පදක්කම අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී එහි රිදී පදක්කම ද දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත ලක්මාල් විසිනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.