පාසලෙන් හමුදාවටත් හමුදාවෙන් මළල ක්රීඩාවටත් පිවිසෙන ක්රීඩිකාව සප්ත ප්රයාම ඉසව්වෙන් අරඹන මළල ක්රීඩා ලක්ෂිකා සුගන්දි ජීවිතය කෙටි දුර වේග ඉසව් වෙත ප්රවර්තනය කරන්නීය.
පාසල් මළල ක්රීඩිකාවක් ලෙස ඉතිහාසයක් නොමැති මේ ක්රීඩිකාව 2016 සාග් උළෙලට සහභාගී වූයේ මීටර 100 කඩුළු ඉසව්වේ දෙවැනි ක්රීඩිකාව ලෙසත් මීටර 4×100 සහාය දිවීමේ ඉසව්වේ සාමාජිකාවක් ලෙසත් ය. එවර කඩුළු පැනීමේ ඉසව්වෙන් සිවු වන තැනත් සහාය දිවීම සඳහා රන් පදක්කමත් දිනූ ඇය 2019 සාග් උළෙලට පැමිණෙන්නේ ලාංකේය කෙටි දුර ඉසව්හි තම අණසක පතුරවමිනි. 2019 සමස්ත ලංකා මළල ක්රීඩා සූරතාවලියේ දී මීටර 100 කඩුළු සහ මීටර 100 යන ඉසව් ද්විත්වයම ජයග්රහණය කරන ඇය මෙවර මීටර 4×100 සහාය දිවීමේ ඉසව්වේ ද අංක එකේ සාමාජිකාවක් ලෙස කත්මණ්ඩු නුවරට පිවිසුණා ය.
2019 සාග් උළෙලේ දී තම පුද්ගලික හොඳම කාලය සමග මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ලක්ෂිකා සුගන්දි ; අද දින මීටර 100 කඩුළු ඉසව්වේ රන් පදක්කම ද දිනාගන්නේ තිලකා ජිනදාස (01) සහ ශ්රියානි කුලවංශ (05) හැර මේ ඉසව්ව ජයගත් එක ම ලාංකික ක්රීඩිකාව බවට පත් වෙමිනි. එමෙන් ම අද දින ඇය වාර්තා කළ කාලය (13.68) මෙතෙක් සාග් ඉතිහාසයේ මීටර 100 කඩුළු ඉසව්ව සඳහා වාර්තා කළ 3 වැනි හොඳම තරග නිමි කාලය ද වේ. ඇයට ඉහළින් සිටින්නේ 1999 කත්මණ්ඩු සාග් උළෙලේ (13.12) සහ 2004 ඉස්ලාමාබාද් සාග් උළෙලේ (13.37) රන් පදක්කම් දිනූ ශ්රියානි කුලවංශය.
ඇඟේ හයියෙන් සහ හිතේ හයියෙන් විනා පාසල් ගැට්ටෙන් හෝ හරීන් ප්රනාන්දුගේ ආනුභාවයෙන් සාග් දිනන්නට උත්සාහ නොකළ ලක්ෂිකා සුගන්දිට මෙසේ පවසමු.
සුගන්දි ! අප ඔබ දෙස බලා සිටියාට පාඩු නැත.
– සහන් කසීර වික්රමසිංහ –
.
Be the first to comment