ජන සතු සේවා විවෘත මේස පන්දු තරගාවලියේ ජයග්‍රහණ ද්විත්වයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකු පිල සමත්විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්රීඩාගාරයේදී රාජ්‍ය ආයතන රාශියක සහභාගීත්වයෙන් පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රීඩකයා පරාජය කරමින් කේවල අංශයේ ශුරතාව දිනා ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකු පිලේ ප්‍රභාත් ඉන්ද්‍රජිත් සමත්විය.
එම කණ්ඩායමේ නිලූෂ හේවාවිතාරණ සහ වරුනි නිසංසලා මිශ්‍ර යුගල ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පිල පරාජය කරමිනි. කේවල අංශයේ ශූරතාව ප්‍රභාත් ඉන්ද්‍රජිත් විසින් දිනාගනු ලැබුවේ 12 වැනි වරටය.
Be the first to comment