නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 61-48ක ජයක් වාර්තා කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ජාතික නෙට්බෝල් ශූරතාව දිනාගැනීමට සමත්විය.
මහනුවර දී නිමාවට පත්වූ මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 14-13ක් ලෙස නාවික හමුදා ක්රීඩිකාවෝ ඉදිරියෙන් පසුවූවත් දෙවැනි කාර්තුවේදී ලකුණු 15-12කින් ද, තුන්වැනි කාර්තුවේදී ලකුණු 17-11කින් ද, අවසන් කාර්තුවේදී ලකුණු 16-11කින් ද ජය ලැබීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය.
හැටන් නැෂනල් බැංකු පිල අවසන් මහා තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 49-28කින් වරාය අධිකාරි පිල පරාජය කරමිනි. ලකුණු 47-20කින් කුරුණෑගල දිස්ත්රික් පිල පරදවා අවසන් මහා තරගයට එක්වීමට නාවික හමුදා ක්රීඩිකාවෝ සමත්වූහ.
මේ තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් වරාය අධිකාරි පිලට එරෙහිව ලකුණු 35-33ක ජයක් අත්කර ගැනීමට කුරුණෑගල දිස්ත්රික් පිල සමත්විය.
කණ්ඩායම් 32ක් තරග වැදුණු මෙවර තරගාවලියේ දී හැටන් නැෂනල් බැංකු පිලේ ගයාංජලී අමරවංශ නෙට්බෝල් රැජන ලෙස අභිෂේක ලැබුවාය. එම කණ්ඩායමේ දර්ශිකා අබේවික්රම හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනූ අතර කුරුණෑගල දිස්ත්රික් පිලේ සෙත්මි දනූෂා හොඳම දැල් රකින්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.
Be the first to comment