හෙට්මේර් සහ හෝප් කොදෙව් පිල දිනවති

ෂිම්රොන් හෙට්මේර්ගේ සහ ෂායි හෝප්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ඉන්දීය පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. මේ ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගැනීමට ද කොදෙව් පිල සමත්විය.

චෙන්නායි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 කට රැස් කළ ලකුණු 287 හඹා ගිය කොදෙව් පිල ජයග්‍රහණය අත්කර ගත්තේ ඕවර 47.5කදී කඩුලු 2ක් පමණක් දැවී යාමෙන් පසුවය.

කෙදෙව් පිලේ ජයග්‍රහණය තහවුරු කළ ආරම්භක පිතිකරු හෝප් සහ හෙට්මේර් ශතක රැස් කිරීමට සමත්වූ අතර දෙවැනි කඩුල්ලට ලකුණු 218ක සම්බන්ධතාවක් ද ගොඩ නැගූහ.

සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ හෙට්මේර් පන්දු 106කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමග ලකුණු 139ක් රැස් කිරිමට සමත් වෙද්දී ඔහුට අනගි සහයක් දුන් හෝප් පන්දු 151කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි.

මෙය හෙට්මේර්ගේ පස්වැනි එක්දින ශතකය වූ අතර හෝප් එක්දින ශතකයක් රැස් කළ අටවැනි අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක්විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.