
එළඹෙන වසරේදී පැවැත්වීමට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ ( 19 ) සමත් විය.
මෙවර ක්‍රීඩකයන් 300කට අධික ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් අට සඳහාමිලදී ගත්තේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 14 දෙනෙකු ඉදිරිපත්ව සිටියද එයින් මිලදී ගනු ලැබුවේ ඉසුරු උදාන පමණි.
ඒ අනුව ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරද්දී, ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.
වැඩිම වටිනාකම් වලට මිලදී ගත් ක්‍රීඩකයන්
ක්‍රිස් ලයින් – ඉන්දීය කෝටි 2 ( මුම්බායි ඉන්දියන්ස්)
ඔයින් මෝගන් – ඉන්දීය කෝටි 5.25 ( කොල්කටා නයිට් රයිඩර්ස්)
පැට් කමින්ස් – ඉන්දීය කෝටි 15.75 ( කොල්කටා නයිට් රයිඩර්ස්)
ග්ලෙන් මැක්ස්වෙල් – ඉන්දීය කෝටි 10.75 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
සැම් කරන් – ඉන්දීය කෝටි 5.5 ( චෙන්නායි සුපර් කින්ග්ස්)
ක්‍රිස් මොරිස් – ඉන්දීය කෝටි 10 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්)
ශෙල්ඩන් කොට්‍රල් – ඉන්දීය කෝටි 8.45 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
ආරන් ෆින්ච් – කෝටි 4.4 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් )
පියුශ් චව්ලා – කෝටි 6.75 ( චෙන්නායි සුපර් කිංග්ස්)
ශිම්‍රන් හෙට්මයර් – කෝටි 7.75 ( දිල්ලි කැපිටල්ස්)
ජෝශ් හැස්ල්වුඩ් – කෝටි 2 ( චෙන්නායි සුපර් කිංග්ස්)
මිචෙල් මාශ් – කෝටි 2 ( සන්‍රයිසස් හයිද්‍රබාද්)
ක්‍රිස් ජෝඩන් – කෝටි 3 ( කින්ග්ස් එලවන් පන්ජාබ්)
ඩේල් ස්ටේන් – කෝටි 2 ( රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්)
ඇන්ඩෘ ටයි – කෝටි 1 ( රාජස්ථාන් රෝයල්ස්)
ඩේවිඩ් මිලර් – ලක්ශ 75 ( රාජස්ථාන් රෝයල්ස්)
Be the first to comment