
අබිඩ් අලීගේ ( 174 ) සහ ෂාන් මසූද්ගේ ( 135 ) විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක් ඇතැතිව ලකුණු 315කින් පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද ( 21 ) සමත් විය. සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම තෙවැනි දිනය වන අද දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 395ක් ලබා සිටියේය.
පන්දුවට පහර දෙමින් සිටින නායක අසාර් අලි ( නොදැවී 57 ) සහ බාබර් අසාම්( නොදැවී 22 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
<< DAY 01 – ළහිරු සහ ඇඹුල්දෙණිය පාකිස්තානය 191 න් නවතද්දී පාකිස්තාන පන්දු යවන්නෝත් එකට එක කරති>>
සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය ද ශ්රී ලංකාවට එරෙහිව වාර්තා කළ අබිඩ් අලී යළිත් ශ්රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් වෙමින් දෙවැනි ටෙස්ට් ශතකයද වාර්තා කිරීමට සමත් වූයේ පාකිස්තාන ඉනිම ඉහළට ඔසවා තබමනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ෂාන් මසූද් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූයේ පළමු ඉනිමෙන් ගිලිහී ගිය වාසිය ද යළිත් පාකිස්තානය වෙත නතුකර දෙමිනි.
<< DAY 02 – චන්දිමාල්ගේ සහ දිල්රුවන්ගේ පිහිටෙන් ශ්රී ලංකාව හිස ඔසවති>>
අද දිනයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 278 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අබීඩ් අලී (174) සහ ශාන් මසූද් (135) දෙදෙනාම ළහිරු කුමාරගේ පන්දු හමුවේ දැවී ගිය අතර සෙසු ශ්රී ලංකා පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ දවාගැනීමට අවස්ථාවක් හිමි නොවූහ.
හෙට ( 22 ) තරගයේ සිව්වන දිනයයි.
පාකිස්තාන දෙවැනි ඉනිම – පන්දුවාර 104කදී කිසිවෙකු නොදැවී ලකුණු 395
( අබිඩ් අලී 174, ෂාන් මසූද් 135, අසාර් අලී නොදැවී 57ථ බාබර් අසාම් නොදැවී 22, ළහිරු කුමාර 88/2 )
ශ්රී ලංකා පළමු ඉනිම – පන්දුවා 85.5 කදී සියලු දෙනාදැවී ලකුණු 271
( දිමුත් කරුණාරත්න 25, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 32, දිල්රුවන් පෙරේරා 48, ෂහීන් අෆ්රිඩී 77/5, මොහොමඩ් අබාස් 55/4 )
පාකිස්තාන පළමු ඉනිම – පන්දුවාර 59.3කදී සියලු දෙනා දැවී ලකුණු 191
( අසාද් ෂෆික් 62, බාබර් අසාම් 60, අබිඩ් අලී 38, ළහිරු කුමාර 49/4, ලසිත් ඇඹුල්දෙණිය 71/4, විශ්ව ප්රනාන්දු 31/2 )
Be the first to comment