සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනිමට ඉන්දියාව සමත් විය.
ඒ දෙරට අතර පැවති තුන්වන තරගයෙන් ඉන්දියාව කඩුලු 04ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.
කටක්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කන්ඩායම කඩුලු 05ක් දැවි ලකුණු 315ක් රැස් කළේය. නිකලස් පූරන් ලකුණු 89යි. නායක කිලරන් පොලොඩ් ලකුණු 74ක් ලබා ගත් අතර පන්දුයැවිමේදී නව්දීප් සයිනි කඩුලු 02ක් බිඳ හෙළිය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවි එම ඉලක්කය පසුකිරීමට සමත්විය.
පළමු කඩුල්ල වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ කේ එල් රාහුල් ලකුණු 122ක සාර්ථක සබඳතාක් නැගු අතර එහිදී රෝහිත් ෂර්මා ලකුණු 63ක් රැස් කළේය.
පන්දු යැවිමේදී කීමෝ පෝල් කඩුලු 03ක් බිදි හෙලු අතර . තරගයේ වීරයා ලෙස රෝහිත් ෂර්මා සම්මාන දිනා ගත්තේය
Be the first to comment