යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියට ආබාධිත රණවිරුවන් 700ක්

රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් කාණ්ඩ 12ක් යටතේ තරග වදින යුද හමුදා 22 වැනි පැරා ක්‍රීඩා උළෙල මේ මස 27 දා සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දුනුවිදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩිතැබීම, මේස පන්දු, බර ඉසිලිම, රෝදපුටු මැරතන්, රෝදපුටු ටෙනිස්, පිහිනුම්, වෙරළ වොලිබෝල්, ගෘහස්ථ ඔරු පැදීම සහ මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් මේ ක්‍රීඩා උළෙල ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙයි.

මෙවර යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේදි ජවන හා පිටිය තරග ඉසව් 60 පවත්වනු ලබන අතර, පැරාලිම්පික්, ලෝක ශූරතා හා ආසියානු තරග ජයග්‍රහණය කල ප්‍රවීණ ක්‍රීඩකයන් ද සහභාගිවීමට නියමිතය. එමෙන්ම මෙම තරගාවලිය ආබාධිත රණවිරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වීමේ සුවිශේෂි අවස්ථාවක් මෙන්ම ඔවුන්ගේ ශාරිරික හා මානසික පුනරුත්ථාපනය සඳහා ද ඉවහල් වන බව යුද හමුදා පැරා ක්‍රීඩා කමිටු සභාපති හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම ක්‍රීඩා උළෙල දෘශ්‍යාබාධිත, ශාරීරිකව දුර්වල වූවන් සහ රෝද පුටු වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.