නූතන පංචප්‍රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. පළමුවරට මේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන බැවින් එය වෛකල්පිත ක්‍රීඩාවක් බවට නම්කොට ඇත. මුල්ම අවස්ථාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව ඇතුළත්වන බැවින් සෑම පළාතකින්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අපේක්ෂා කළ නොහැකි බව නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා පැවැසීය.
එබැවින් මේ වසරේදී නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට ඇතුළත් නොවන බවද ඒ මහතා පැවැසීය.කෙසේ වුවද ජාතික මහා ක්‍රීඩා උළෙලට නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව ඇතුළත්වීම විශාල ජයග්‍රහණයක් බව එම සංගමයේ සභාපති නිශාන්ත පියසේන මහතා පවසයි. එය කෙටි කලක් තුළ තම සංගමයේ බලවත් කැපවීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උද්යෝගය තුලින් ලැබූ ජයග්‍රහණයක් බව පියසෙම්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නූතන පංච ප්‍රයාම සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැති අතර එහිදී නව සභාපති ලෙස නිශාන්ත පියසේන මහතා නිතරගයෙන් තේරී පත්විය. ලේකම් ප්‍රබෝද් දර්ශන, භාණ්ඩාගාරික උෂාන් කෝදාගොඩ, නියෝජ්‍ය ලේකම් දසුන් ජයමාන්න, විධායක සභාව එරංග රත්නසේකර, ක්‍රිස්ටි ලෙනාඩ්, නලීන් අදිකාරිආරච්චිගේ නව නිලධාරී මණ්ඩලයට ඇතුළත් වූහ.
Be the first to comment