දැල්පන්දු සංචිතය 22 ට බස්සයි

ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික සංචිතය තෝරාගැනීමේ පෙරහුරු තරග ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමේ ජාතික පුහුණුකරු තිලකා ජිනදාස සහ තේරුම් කමිටු ප්‍රධානි පද්මා බද්දෙවෙල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

මෙම තෝරාගැනීමේ තරග පැවැත්වුනේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දීයි .

35 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩිකාවන් 22 දෙනෙකු දක්වා අඩු කරන ලදී. වෛද්‍ය හේතුන් මත තේරීම් සඳහා සහභාගී නොවූ ගයන්ජලි අමරවන්ස සහ තිසලා අල්ගම ඒ අතර වේ,

2018 ලෝක කුසලාන ශූරතාවලියේ කණ්ඩායමට එක්වූ 12 දෙනාගෙන් 11 දෙනෙකු තේරීම් සඳහා එක්ව සිටි අතර කණ්ඩායමේ නායක චතුරංගි ජයසූරිය ට 2020 වසරේ පැවැත්වෙන මුල් අදියරේ තරවලින් පෞද්ගලික හේතු නිසා මග හැරෙනු ඇත.

තර්ජිනි සිවලිංගම් ද කණ්ඩායමට එක්ව තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය

රුක්ෂලා හපුආරච්චි, තර්ජනී සිවලිංගම්,ඉමේෂා සන්ඛපානි , දීපිකා දර්ශිනි , දර්ශිකා අබේවික්‍රම , නෞචලි රාජපක්ෂ, ගයානි දිසානායක, දුෂානි බණ්ඩාර, හසිත මෙන්ඩිස්, දුලන්ගා දනන්ජනී , ගයාත්‍රි කෞෂල්යා, තිළිණි වත්තේගෙදර,දුලාංගි වන්නිතිලක,සමුද්දී අබේගුණවර්ධන මන්දිරා චාරුණි, සුරේකා කුමාරි, ශානිකා මධුශානි .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.