IND VS SL – ඉන්දියාව 2- 0 කින් විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 78ක ජයක් ලැබූ ඉන්දියාව විස්සයි 20 තරගාවලිය තරග 2- 0 කින් ජය ගැනීමට අද ( 10 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15.5කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 123ක් පමණි.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සියල්ලෝම ලකුණු 26කට දැවී යාමත් සමග පිටියේ එක්වූ ඇන්ජලෝ මැතිවුස් සහ ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවද, ඇන්ජලෝ මැතිවුස්ද ලකුණු 31 දැවී යාමත් සමග ශ්‍රී ලංකාවේ අවසන් බලපොරොත්තුවද ගිලිහී ගියේය. හුදකලා සටනක නිරත වූ ධනංජය ද සිල්වා සිය විස්සයි 20 පිටියේ දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් ලැජ්ජා සහගත පරාජයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට සමත් වූයේ පන්දු 36කින් ලකුණු 57ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිම නොතිබෙන්නට ශ්‍රී ලංකාව ලකුණු 100ටත් අඩු සංඛයාවකට දැවී යාමට අවස්ථාව තිබිණ.

පන්දු යැවීමේදී නව්දීප් සයිනි ලකුණු 28කට කඩුලු 3ක් බිදහෙලද්දී, වොශින්ටන් සුන්දර් සහ ශර්දුල් තකූර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායාමට ආරාධානි කර සිටි අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 201 ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිම් දෙකක් ගොඩ නැගූ ලෝකේෂ් රාහුල් ( 54 ) සහ ශිකර් ධවාන් ( 52 ) බැගින් රැස් කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දුවෙන් මෙන් ම පිත්තෙන් ද දස්කම් දැක්වූ  ශර්දුල් තකූර් පන්දු 8කින් ලකුණු 22ක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළේය.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 35කට කඩුලු 3ක් බිද හෙලීය.

ඉන්දීයාව – පන්දුවාර 20කදී කඩුලු 6කට ලකුණු 201

( ලෝකේෂ් රාහූල් 54, ශිකර් ධවාන් 52, ලක්ෂාන් සඳකැන් 35/3 )

ශ්‍රී ලංකාව – පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 123

( ධනංජය ද සිල්වා 57, ඇන්ජලෝ මැතිවුස් 31, නව්දීප් සයිනි 28/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.