දකුණු අප්‍රිකානු තුන් ඉරියන් ක්‍රීඩක ජේ. පී ඩුමිනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ නිවේදනය ( 13 ) අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
වසර 15කට අධික කාලයක් ක්‍රිකට් පිටියේ රැදී සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල සේවයක් කළ ඩුමිනි ක්‍රිකට් දිවියට සමුදෙන විට ටෙස්ට් තරග 46ක්, එක්දින තරග 199ක් සහ විස්සයි 20 තරග 81කට සිය දායකත්වය සැපයීමට සමත් විය.
එහිදී ටෙස්ට් තරග 46කදී ලකුණු 2103ක් රැස්කර ඇති ඩුමිනි එයට ශතක 5ක් සහ අර්ධ ශතක 8ක් එක්කර ගැනීමට සමත්ව ඇත්තේ පිතිකරණ සාමන්‍ය 32.85 අගයක් පවත්වා ගනිමිනි. එක්දින තරග බිමේදී දකුණු අප්‍රිකානු තරග දිනවන්නෙකු බවට පත් වූ ඩුමිනි එහිදී තරග 199ට ක්‍රීඩා කරමින් ලකුණු 5117 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ පිතිකරණ සාමාන්‍ය 36.81 අගයක් පවත්වා ගනිමිනි. එයට ශතක 4ක් සහ අර්ධ ශතක 27ක් ඇතුළත්ව ඇත. විස්සයි 20 තරගය 83 කදී ද ඔහු ලකුණු 1934ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාවේ ජයග්රහණයන්ට සිය දායකත්වය සපයා තිබේ.
පිතිකරණයේදී මෙන් ම පන්දු යවන්නෙකු වශයෙන් ටෙස්ට් කඩුලු 42ක්, එක්දින කඩුලු 68ක් සහ විස්සයි 20 කඩුලු 21ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු පන්දු යවන්නා බවටද ඩුමිනි 2015 වසරේ ඉතිහාසයට එක්විය.
Be the first to comment