ආබාධිත ක්‍රීඩකයන්ට ජාතියේ හරසර අකැපද ?

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශ්‍රමය දහදිය කැපකර මාතෘභූමියේ නාමය ක්‍රීඩාව ඔස්සේ ලොවට ගෙනයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අගය මෙපමනකයි තක්සේරු කල නොහැක .

ඒ ලැබෙන කීර්තිය වෙනුවෙන් ඔවුන්වෙත හරසර දැක්වීම අදාළ ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම රජයේද වගකීමක් වන්නේ මේ නිසාය .

සාග් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගමැති මහින්ද රාජපක්ෂ අතින් සම්මාන හරසර දක්වන උත්සවයක් සංවිධානය කරනු ලැබූ ක්‍රීඩා අමාත්‍යංශයට අමතක වුනු එක්තරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳවයි මේ සටහන .

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දුවයි හි පැවති ලෝක ආබාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් ගෙන පැමිණි ක්‍රීඩකයෙක් වෙනුවෙන් හරසර දැක්වීමක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට අමතක වීම පිළිබඳවයි ඒ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා ව වෙනුවෙන් වාර්තාවූ එකම රිදී පදක්කමට හිමිකම් කියූ දිනේෂ් හේරත් වෙනුවෙන් කිසිදු ඇගයීමක් සිදු කිරීමට මෙරට ක්‍රීඩා බලධාරීන් අපොහොසත්වීම කනගාටුවට කරුණකි.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර

අදාල ක්‍රීඩකයා වෙනුවන් යම් ආකාරයක පිළිගැනීමක් රාජ්‍ය මට්ටමින් කරන ලෙස ශ්‍රී ලංකා පරාලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දුන් නමුදු එවැන්නක් පිලිබනදව අවධානය යොමු නොවීම පිළිබඳව ශ්‍රී ලංකා පරාලිම්පික් කමිටුව සිය කනස්සල්ල මෙන්ම විරෝධයද පලකරසිටි.

ජාත්‍යන්තර වශයෙන් මෙරටට කීර්තිය ගෙන පැමිණෙන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිසි පිළිගැනීමක් සිදුකිරීම ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකමක් එය වර්ගීකරණය කිරීමකට ලක්නොවී විය යුත්තක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ක්‍රීඩා අමාත්‍යතුමනි …ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් තුමනි මේ ඔබේ අවධානයටයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.