එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමිව, ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වන  එංගලන්ත කණ්ඩායම ලබන මාර්තු මස මුලදී ( 3 වැනිදා ) දිවයිනට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

තරගාවලියේ පළමු තෙදින පුහුණු තරගය මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙවැනි සිව්දින පුහුණු තරගය මාර්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිය සත්කාරකත්වය සපයද්දී, මාර්තු 19 වැනිදායින් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.  දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය යළිත් එස්.එස්.සී ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 27 වැනිදා ආරම්භ වීමට නියමිතය.

තරග කාල සටහන

මාර්තු 7- 9 — පළමු පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී

මාර්තු 12 – 15 — දෙවැනි පුහුණු තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී

මාර්තු 19- 23 — පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

මාර්තු 27 – 31 — දෙවැනි ටෙස්ට් තරගය එස්.එස් . සී ක්‍රීඩාංගණයේදී

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.