U19 CWC 2020  –  නිපුන්ගේ මහන්සිය අපතේ යයි – ඉන්දියාවට ලකුණු 90 ක ජයක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ ඒ “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද ( 19 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 298 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 45.2කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 207ක් පමනි.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ නිපුන් ධනංජය පෙරේරා පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 50ක් සහ රවිඳු රසන්ත පන්දු 70කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 49 බැගින් රැස් කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන් ලකුණු අතරට නොපිවිසීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ පසුබැසීමට සිදුවිය.

පන්දු යැවීමේදී ආකාෂ් සිං, වීර් සහ රවී බිෂෝයි අතරේ කඩුුල 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 297ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් යෂාවි ජස්වාල් ( 59 ) , ප්‍රියම් ගාර්ග් ( 56 ) සහ චාන්ට් ජුරෙල් ( නොදැවී 52 ) අර්ධ ශතක රැස් කරමින් ඉන්දිය ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.

පන්දු යැවීමේදී අම්ෂි සිල්වා, ඩිල්ෂාන් මසුෂංක, අශේන් ඩැනියෙල් සහ නවිඳු නදීෂාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වන දෙවැනි තරගය මේ මස 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.