පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් – තරගයේ වීරයා සම්මානය මැතිවුස්ට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩා අද ( 23 ) සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී සිය ඉල්ලකය පහසුවෙන් පසුකර ගියේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත් විය.

ක්‍රෙග් අර්වින් ( 85 ), ප්‍රින්ස් මසාවුරේ ( 55 ) සහ කෙවින් කසූසා ( 63 ) අර්ධ ශතක රැස් කරමින් සිම්බාබ්වේ පළමු ඉනිම ශක්තිමත් කළහ.

සිම්බාබ්වේ පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 358 පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 515 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවමින් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ වෙත ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිවුස් සිට ටෙස්ට් දිවියේ ඉනිමකදී ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ද්විත්ව ශතකය ලබා ගනිමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව හරවා දුන්නේය. ශ්‍රී ලංකා පිත්කරුවෙකු 2015 වසරින් පසු ද්විත්ව ශතකයක් රැස්කල පළමු අවස්ථාව බවට මෙය පත්විය. මැතිව්ස්ට අනගි සහයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ( 80 ), ධනංජය ද සිල්වා ( 63 ) සහ නිරෝෂන් දික්වැල්ල් ( 63 ) අර්ධ ශතක රැස් කරමින් ලකුණු 500 සීමාව පසුකර යාමට සිය දායකත්වය ලබාදුන්හ.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 170ක් පමණි. රෙගිස් චකබ්වා සහ ඩොනල්ඩ් ටිරිපනෝ සිය කඩුල්ල ආරක්ෂා කර ගනිම්න් පරාජයෙන් සිම්බාබ්වේ කණ්ඩායම බේරා ගැනීමට උත්සාහ කළද, ලසිත් ඇඹුල්දෙණියගේ සහ ළහිරු කුමාරගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ අවසන් බලාපොරොත්තුවද ගිලිහි ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 27කට කඩුලු 4ක් සහ ළහිරු කුමාර ලකුණු 32කට කඩුලු 3 බැගින් බිද හෙලිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පූර්ණ දායකත්වය ලබාදුන්හ.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිවුස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

සිම්බාබ්වේ පළමු ඉනිම පන්දුවාර 148කදී සියලු දෙනාදැවී ලකුණු 358

( ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රේග් අර්වින් 85, සිකන්ද රාසා 41, ඩොනල්ඩ් ටිරිපනෝ නොදැවී 44, ලසිත් ඇඹුල්දෙණිය 114/5, සුරංග ලක්මාල් 53/3, ළහිරු කුමාර 82/2 )

ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 176.2කදී කඩුලු 9කට ලකුණු 515

(ඇන්ජලෝ මැතිවුස් නොදැවී 200,  කුසල් මෙන්ඩිස් 80, , ධනංජය සිල්වා 63 , නිරෝෂන් දික්වැල්ල 63,  වික්ටර් නියෝචි 69/3, සිකන්ද රාසා 62/3  )

සිම්බාබ්වේ දෙවැනි ඉනිලම – පන්දුවාර 92කදී සියලු දෙනා දැවී 170

( සීන් විලියම්ස් 39, බ්‍රෙන්ඩන් ටේලර් 38, සුරංග ලක්මාල් 27/4, ලහිරු කුමාර 32/3 )

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 3කදී කිසිවෙකු නොදැවී ලකුණු 14

( දිමුත් කරුණාරත්න නොදැවී 10, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 4 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.