චීනයේ වූහෑන් නගරයේ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනවක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති ආසියාතික ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා ඉසව් ගණනාවක් ඇණහිටින තත්ත්වයක් උදාවී ඇත.
ආසියාතික ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය වූහෑන් නගරයේ සිට කිලෝමීටර් 757ක් දුරින් පිහිටි හැන්ග්ෂූ නගරයේ ලබන මාසයේ 12 හා 13 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. දැනට පවතින තත්ත්වය අනුව එම තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කොට නැත.
නිමාවට පත්වූ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත්ශ්රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතව ඇත.
තරග අප්‍රේල් දක්වා කල්දමිමේ සුදානමක්
කෙසේ වුවද පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්වීමට නියමිතව ඇති සියලුම ක්‍රීඩා ඉසව් හා තරගාවලි ලබන අප්‍රේල් දක්වා අවලංගු කිරීමේ සූදානමක් ඇතැයි ද වාර්තාවේ. එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ චීන ක්‍රීඩා පාලනාධිකාරිය විසින් සියලුම ක්‍රීඩා සංගම්වලට ලබන අප්‍රේල් මාසය තෙක් ක්‍රීඩා ඉසව් අවලංගු කරන ලෙසට මේ වනවිටත් දැනුම් දී ඇති බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස චීන මෝටර් ක්‍රීඩා සංගමය අප්‍රෙල් දක්වා ඇති සියලුම මොටර් රථ ධාවන තරග කල් දැමීමට ඊයේ පියවර ගත්තේය.
ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය අවලංගු කෙරේ
මේ ආකාරයෙන් අප්‍රේල් දක්වා චීනයේ ක්‍රීඩා තරග පැවැත්වීම නවතා දැමීමට සිදුවුවහොත් ලොව වැඩිම රටවල් ගණනක් සහභාගීවන ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර තිබේ . එම ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය වූහෑන් සිට කිලෝමීටර් 537ක් දුරින් පිහිටි නැන්ජින් හීදී මාර්තු මස 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව
බොක්සිං ජෝර්දානයට
මේ අතර ලබන මස 3 සිට 11 දක්වා චීනයේ වූහෑන් නගරයේ පැවැත්වීමට නියමිතවූ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ බොක්සිං තරගාවලිය ජෝර්දානයේ අම්මාන් නුවරට රැගෙන යෑමට එම සංවිධායක මණ්ඩලය ඊයේ පියවර ගත්තේය. එමෙන්ම ලෝක කනිෂ්ඨ බොක්සිං ශූර ජෝස් රමිරෙස් හා යුකන්රේනයේ වික්ටර් පොස්ටෝල් අතර ලබන මස 1දා වූහෑන් සිට කිලෝමීටර් 1497ක් දුරින් පිහිටි හැයිකියෝ හී පැවැත්වීමට නියමිතව තිබූ බොක්සිං තරගය ද දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කොට ඇත.
මරාන්තික කොරෝනා වෛරසය පැතිර යාම වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු මියගොස් ඇති අතර 1400කට පමණ වෛරසය වැළදී ඇති බවට චීන රජය හඳුනාගෙන ඇත. කොරෝනා වෛරසය පැතිර යෑම වේගවත් වී ඇති බව චීන ජනාධිපති සිං ජින්පිං මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසූවේය. රජයේ රැස්වීමකින් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ තත්ත්වය හමුවේ චීනය බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින බවයි. වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා එරට නගර කිහිපයක ප්‍රවාහන කටයුතු හා අනෙකුත් අත්‍යාවශ්‍ය කටයුතු අත්හිටුවීමට චීන බලධාරින් පියවර ගෙන තිබේ.
මුලාශ්‍ර -දිනමිණ
Be the first to comment