එෆ් ඒ කුසලාන තරගාවලියේ අවසන් තරගය තීරණාත්මකයි

වැන්ටේජ් එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ අතර අද පස්වරු 7. 30ට රීඩ් මාවත තුරඟ තරග පිටියේදී විදුලි ආලෝක ධාරා මැද ඇරැඹෙයි. පිට පිට දෙවැනි වරට අවසන් මහා තරගයට පිවිසි සෝන්ඩර්ස් පිල හා වසර 12කට පසුව එෆ්. ඒ. කුසලාන පාපන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පොලිස් ක්‍රීඩා සමාජය මේ මහා තරගයේදී උණුසුම් සටනකට සූදානමින් සිටිති.

පොලිස් කණ්ඩායම

එෆ්. ඒ කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගවලදී පසුගිය අනු ශූරයන් වූ සෝන්ඩර්ස් පිල වෙතින් ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් පිල ගෝල් 5-1කින් පරාජයට පත්වූ අතර පොලිසිය වෙතින් බ්ලූ ස්ටාර් පිල ගෝල් 4-2කින් පරාජයට පත්විය.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පසුගිය වසරේ එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ගෝල් 4-2ක පරාජයක් ලැබීය. පොලිස් ක්‍රීඩා සමාජය මේ තරගාවලියේ අවසන් මහා තරගයට අවසන් වරට පිවිසියේ වසර 2008දී වන අතර එහිදී දඬුවම් පහර 6-5ක් ලෙස සිවිල් ආරක්ෂක බළකා පිල පරාජය කොට ශූරතාව දිනා ගත්තේය

.

මේ අවසන් සටනින් ජයගන්නා කණ්ඩායමට එෆ්. ඒ. කුසලානය සමග මුදලින් රුපියල් ලක්ෂ 7.5ක් පිරිනැමෙන අතර අනු ශූරයන්ට ලක්ෂ 5ක් ප්‍රදානය වේ. සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ වසර 1993දී එෆ්. ඒ. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර එහිදී ගෝල් 1-0කින් සෝන්ඩර්ස් පිල ජය වාර්තාකර ඇත.

මුලාශ්‍ර -දිනමිණ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.