කොරෝනා වෛරසය ගැන ඔලිම්පික් කමිටුවත් අවධානයෙන්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බව 2020 ඔලිම්පික් සංවිධායක කමිටුව පවසනවා.

ජපානයේ ටෝකියෝ ඇතුළු නගර කිහිපයක මෙම වසරේ ජුලි 24 වනදා සිට ඔලිම්පික් තරගාවලිය පැවැත්විමට නියමිතයි.

මේ වන විට ජපානය ද කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් සමග එක්ව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ලබා ගන්නා ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔලිම්පික් තරගාවලිය සදහා ලොව පුරා ක්‍රිඩක ක්‍රිඩිකාවන් එකොලොස් දහසක් පමණ ඔලිම්පික් ගම්මානයට පැමිණිමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.