ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්විමේ පනත ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

hands with soccer ball and money - euros

හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ 2019 අංක 24 දරන ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්විමේ පනත ප්‍රකාරව කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි .

ඒ සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේබව ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ පිළිබඳවූ ගැසට් පත්‍රයද නිකුත් කර අවසන්
මේ සම්බන්දයෙන් කටයුතු කිරීමට පෙබරවාරි 11 දිනයේදී සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේදී මෙම විශේෂ විමර්ශන ඒකකය විවෘත කිරීමට නියමිතයි.

විශේෂ විමර්ශන ඒකකයේ අධයක්ෂ ප්‍රධානි ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්ඒජේඑච් ෆොන්සේකායි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.