නවසීලන්තය ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලිය ජය ගනී

සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය

ඒ දෙවන තරගයෙන් ඉන්දිය කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත් කරමින්.

ඔක්ලන්ඩ්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවි ලකුණු 274ක් රැස් කළේය.

රෝස් ටේලර් ලකුණු 73යි.

පිලිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දියාව පන්දුවාර හතලිස් අටයි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 251ක් පමණයි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 55ක් ලබා ගත්තේය.

පන්දු යැවිමේදී ටීම් සවුති ලකුණු 41කට කඩලු 02ක් බිද හෙළිය.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (10) පැවැත්විමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.