ඩේල් ස්ටේන් නැවත දකුණු අප්‍රිකානු කණ්ඩායමට

එංගලන්තය සමග පැවැත්විමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

ක්වෙන්ටන් ඩීකොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ඊට වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ද  නම් කර තිබිම විශේෂත්වයක්. ඔහු ජාතික සංචිතයට මෙලෙස කැදවනු ලැබුවේ වසරකට පමණ කාලයකට පසුවයි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ ඩේල් ස්ටෙන්ට උරහිසක ආබාධයක් හේතුවෙනුවෙයි මෙම කාලය තුළ ජාත්‍යන්තර තරග සදහා සහභාගීවීමට නොහැකි වුයේ. දෙරට අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන 12 වනදා ආරම්භවේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.