බංගලාදේශ යොවුන් පිලේ වාර්තාගත ජයට එක්වුණ කළු පැල්ලම (video)

ප්‍රබල ඉන්දීය යොවුන් පිළ පරාජය කරමින් බංග්ලාදේශ යොවුන් පිළ පළමු වරට යොවුන් ලෝක කුසලානයක් දිනාගැනීම බංගලාදේශ ක්‍රිකට් වාර්තා අලුතින් ලිවීමට සමත් වූ බව නොරහසක්

සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති අතර ඒ වාර්තාව පසෙකලා කීර්තිනාමයට එල්ලවුණු කළු පැල්ලමක් බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය අවතක්සේරු කිරීමට තරම් ප්‍රමනවත්විම කනගාටුදායක කරුණකි.

 

ඉරිදා (09) පැවති අවසන් මහා තරගය නිමාවීමත් සමග බංග්ලාදේශ සහ ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් අතර පිටියේදී මෙම ගැටුම නිර්මාණය වීම ඊට හේතුවයි. තරගය අවසානයේ ජයග්‍රහණය සමරමින් ක්‍රීඩා පිටිය තුළට දිවආ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් ආවේගශීලිව හැසිරුණු ආකාරයක් මෙහිදී දක්නට ලැබුණු අතර එහිදී ඉන්දීය යොවුන් ක්‍රීඩයින් සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණයෙන් ඉවත් වන ලෙසට කළ සංඥාවක්ද තරගයේ සජීවී දර්ශන තුළ විකාශය කිරීම කැපී පෙනුනි.

අවසන් මහා තරගයෙන් පසු පිටියේදී සිය ක්‍රීඩකයින් අතින් සිදුවු මෙම අනිසි ක්‍රියාව පිළිබද තමන් ඉන්දීය යොවුන් ක්‍රිකට් පිළෙන් සමාව අයැද සිටින බවයි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ නායක අක්බාර් අලී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.