කුසල් ජනිත් ලසිත් මාලිංග ක්‍රික් ඉන්ෆෝ සම්මානයට

ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ඉකුත් වසරට අදාළ ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මානලාභීන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග ද ඇතුලත්ව සිටීම විශේෂත්වයක්.

කුසල් ජනිත් පෙරේරා වසරේ හොඳම ටෙස්ට් ඉනිමට හිමි සම්මානය මෙහිදී දිනාගෙන ඇති අතර සටන්කාමී ඉනිමක නිරත වෙමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟයකදී රැස් කළ ලකුණු 153 වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කළ සම්මාන ලැයිස්තුවේ ලසිත් මාලිංග ඉකුත් වසරේ විස්සයි විස්ස දක්ෂතම පන්දු යැවීමට හිමි සම්මානය දිනාගෙන ඇති අතර ඒ සම්මානයට හේතුවී අතේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පිට පිට කඩුලු 04 ක් දවා ගැනීම සහ එම තරඟයේදී ලකුණු 06 කට කඩුලු 05 ක් බිඳ හෙලීම වෙනුවෙනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.