වසර 32 කට පසු ඉන්දියාවට අත්වූ ඉරණම

නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිදුවිය.

ඒ, දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 296 ක් රැස් කළේය .

කේ එල් රාහුල් ලකුණු 112 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුළු 05 කට ලකුණු 300 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තාකලේ ඉන්දීය කණ්ඩායමට පුර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්.

ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 80 ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. කොලින් ඩී ග්රෑන්ඞ් හෝම් නොදැවී ලකුණු 58 යි.

මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 කින් ජය ගත් අතර දෙවන තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 22 කින්.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.