ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් සමීක්ෂණයකින් චෝදනා

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පසුගිය කාලය පුරා දැඩි ලෙස දේශපාලනීකරණයවී ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් අධ්‍යයන කේන්ද්‍රය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි. ජාතික ඔලිම්පික් කමිටු හා මහජන අධිකාරී අතර ඇති සබඳතාව මැයෙන් මේ සමීක්ෂණ වාර්තාව නම්කොට තිබූ අතර එංගලන්තයේ ලිබරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බෝජා ගයිසා ගයිසා හා ජර්මනියේ මන්ස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙන්ක් එරික් මෙයියර් යන මහත්වරු මේ සමීක්ෂණ වාර්තාව සකස්කොට ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි හිටපු රජයේ නිලධාරීන් හා ස්වාධීන පුද්ගලයන් සමග සෘජුව අදහස් හුවමාරු කොට මේ සමීක්ෂණය සිදු කොට ඇති අතර ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි අධ්‍යයනය කිරීමටද පියවරගෙන තිබිණි. ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව පිළිබඳ අධ්‍යයනය කළද මූලිකව සොයා ගැනීමට හැකිවූයේ මෙය දේශපාලනකරණීයවීම බවද පෙන්වාදී තිබේ.

එයින් වැඩිම බලපෑම ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීමය තත්ත්වයේ ඇති එකම ක්‍රීඩාව බවත් හඳුන්වාදී ඇත. ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් නොවුණත් ශ්‍රී ලංකාව තුළ වැඩිම අවධානයක් ලක්ව ඇත්තේ එම ක්‍රීඩාවට බවත් සමීක්ෂණ වාර්තාවේ වෙනම පෙන්වා දී ඇත. සමීක්ෂණ වාර්තාව අනුව ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බව පැවැසූවද එය සාවාද්‍යවන අතර වොලිබෝල් ජාතික ක්‍රීඩාව ලෙස නිවැරදි විය යුතුය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අතුරින් ඉහළටම පැමිණ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව වන බවත්, එය වානිජ මට්ටමේ හා වෘත්තීය මට්ටමේ සුපිරි තත්ත්වයේ ඇති බවත් සඳහන් වේ. 1996දී ලෝක ක්‍රිකට් කුසලානය ඇතුළු ලෝක මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීමෙන් විශාල අවධානයක් ඇතිවූ බව සමීක්ෂණ වාර්තාව කියා සිටී.

වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයවීම දක්නට ඇති බවත්, ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයන්, ක්‍රීඩා සංගම්වල ඇතැම් නායකත්වය යම් යම් අවස්ථාවලදී දේශපාලනික මැදිහත්වීම් කර ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් අධ්‍යයන කේන්ද්‍රය කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධන අවශ්‍යතා පරිදි නොව ඇතැම් සංගම්වලට පත්වන දේශපාලඥයන්ට අවශ්‍ය ලෙස තීන්දු තීරණ ගැනීමෙන් ප්‍රශ්න මතුව තිබූ බව සමීක්ෂණ වාර්තාව සැකසූ විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවසති.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳ මේ මහාචාර්යවරු දෙදෙනා අධ්‍යයනයක් සිදුකොට ඇති අතර ඔලිම්පික් කමිටුව සීග්‍රයෙන් තම ක්‍රියාකාරීත්වය ඉහළ නංවාගෙන ඇතැයි සහතික කොට තිබේ. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ඔලිම්පික් වටිනාකම් හා ඔලිම්පික් අධ්‍යාපනික වැඩසටහන් ඉතා දියුණු මට්ටමකින් පවත්වන බවත්, ඔලිම්පික්, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය හා දකුණු ආසියානු මට්ටමේ ජාත්‍යන්තර තරග සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලියාපදිංචිය සිදුකළද, ක්‍රීඩා සංවර්ධනයට සම්බන්ධ නොවන බව පෙන්වාදී තිබේ. එහෙත් ගෝතමාලා හා බොට්ස්වානා යන රටවල තත්ත්වය එයට වෙනස් බව දක්වා ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහා ලේකම් මැක්ස්වෙල්ද සිල්වා එම ධූරයේ පූර්ණකාලීනව සේවය කළද කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොමැති බව පෙන්වා දෙන සමීක්ෂණ වාර්තාව 2017 මූල්‍ය වාර්තා අනුව ඔලිම්පික් කමිටුවේ සමස්ත ආදායම රුපියල් මිලියන 95.7ක් වන අතර එයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු රුපියල් මිලියන 22ක් හා ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු මිලියන 7.5ක් ඇතුළත් බව සඳහන් කොට ඇත. එහෙත් 2019 වෙද්දී ඔලිම්පික් කමිටුවේ සමස්ත ආදායම රුපියල් මිලියන 177 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එයින් පෙනී යන්නේ ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමකට පත්වීම බවද සඳහන් කොට තිබේ. විශේෂයෙන් ක්‍රීඩා අධ්‍යාපනය හා ක්‍රීඩා වැඩසටහන්වලදී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විශේෂ දායකත්වයක් පෙන්නුම් කර ඇතැයි මහාචාර්යවරු පවසති.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසී යාවත්කාලීන කරගත යුතුව ඇතැයි ද එහි නීති රාමුව නවීකරණය කරගත යුතුව ඇතැයිද මහාචාර්යවරු දෙදෙනා පෙන්වා දී ඇති අතර කෙසේ වුවද මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශය මෙයට හාත්පසින්ම වෙනස් දෙයක් පවසන බව සඳහන් කොට ඇත.

1 Comment

  1. Hamudawl walata witarak seema weemak dakkin puluwan hamudawa wala aya gana 1kta awaham ranks nisa game 1k kissima wadak neha . Rowing keyan team event 1k ekath hamudawa ranks thami issela enna . Anika hamudawa team eka witari lankawan idiripath karana hema ekatama .priveat oya game 1k godak wiyadam karala karana laminta chance neha nikan facilities walling selam karana Army 1k naki ganu tika witari okkomatama yanna. Games team events Hamuda was walata seema karan paw deshapalanayata karanawa waga

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.