කොරෝනා නිසා ඔලිම්පික් උළෙල කල් නොදමන බව සංවිධායකයෝ පවසති

සැලසුම් කළ පරිදි 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන බව දේශීය සංවිධායකයින් යළිත් වරක් ප්‍රකාශ කර තිබේ .

චීනයේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධ බිය නිසා තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක් මේ වන විට කල් දමා තිබේ.

2020 ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති යොෂිරෝ මෝරි බ්‍රහස්පතින්දා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම ගිම්හාන ක්‍රීඩා උළෙලේ කාලසටහනට බල නොපානු ඇති බවයි.

“ටෝකියෝ ක්‍රීඩා උළෙල අවලංගු කිරීම හෝ කල් දැමීම පිළිබඳව අප සලකා බලන්නේ නැති බව නැවත අවධාරණය කිරීමට අපි කැමතියි” යැයි ටෝකියෝහි නගර රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) සාමාජිකයින් දෙදින රැස්වීමක් ආරම්භ කරමින් මෝරි පැවසීය.

කොරෝනා වෛරසය මගින් ජපානයටද බලපෑ ඇති නිසා ව්‍යාප්තිය වළකාලීම සඳහා දේශසීමා පාලනය ඇතුළුව ප්‍රති ක්‍රියාමාර්ග සකස් කර ඇති බව ඔහු පැවසීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.