ශ්‍රී ලංකා-කොදෙව් පළමු පුහුණු තර­ගය අද

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩා­යම අතර පළමු නිල­නො­වන පුහුණු එක්දින තර­ගය අද (17) කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

නව­ක­යන් රැසක් එක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩාය මෙහෙ­ය­වීමේ වග­කීම උපුල් තරං­ගට හිමිව තිබේ.

කණ්ඩා­යමේ සිටින ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­කයා වන තරංගට පසු­ගිය මාස 13 තුළදී ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට එක්වී­මට අව­ස්ථාව හිමිව නැත. තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යකු වන අසේල ගුණ­ර­ත්නද මේ සංචි­ත­යට එක්ව ඇති අතර දේශීය තරග බිමේ දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ පෙරේරා සහ අශේන් බණ්ඩා­රද කණ්ඩා­යම ඇතු­ළත්ව සිටිති.

එමෙන්ම දකුණු අප්‍රි­කා­වේදී නිමාවූ යොවුන් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට එක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධු­ෂංක සහ දඟ පන්දු යවන ක්‍රීඩක කවිඳු නදී­ශාන් මේ සංචි­ත­යට ඇතු­ළත්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි. 16 දෙනෙ­කු­ගෙන් සම­න්විත මෙම සංචි­ත­යට තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යකු වන කමිඳු මෙන්ඩිස් ඇතු­ළත්ව සිටි­යද ඩෙංගු උණ රෝගය වැළ­ඳීම හේතු­වෙන් ඔහුට එම අව­ස්ථාව මඟ හැරී තිබේ. ඔහුට අම­ත­රව ශිරාන් ප්‍රනා­න්දුද නම් කරන ලද කණ්ඩා­ය­මට ඇතු­ළත් වුවත් ආබා­ධ­යක් හේතු­වෙන් ඔහු­ටද මෙම තර­ගය මග හැරෙනු ඇත. ඔවුන් දෙදෙනා වෙනු­වට සධීර සම­ර­වි­ක්‍රම සහ තික්ෂිල ද සිල්වා සංචි­ත­යට එක් කිරී­මට තේරීම් කමි­ටුව පිය­වර ගෙන ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.