මැතිවුස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙද්දී, කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක්

Sri Lanka's Angelo Mathews (R) celebrates with his teammate Dimuth Karunaratne after he dismissed West Indies Kieron Pollard during the third one day international (ODI) cricket match between Sri Lanka and West Indies at the Pallekele International Cricket Stadium in Kandy on March 1, 2020. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඇන්ජලෝ මැතිවුස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාතයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 01 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග 3 – 0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 308ක ඉලක්කය හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 301ක් පමණි.

කොදෙව් ඉනිමේ වැඩිම  ලකුණු ලාභියා බවට පත් වූ ෂේයි හෝප් පන්දු 88කින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් වූ අතර සුනිල් ඇම්බ්‍රිස් ( 60 ) සහ නිකලස් පූරන් ( 50 ) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. ඔවුන්ගේ දැවී යාමෙන් පසු කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළ නායක කරන් පොලාඩ් ලකුණු 49ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිවුස් සමත් වූයේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව වෙත නතුකර දෙමිනි. එහෙත් 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ෆේබියන් ඇලන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 15කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වු අතර ඇන්ජලෝ මැතිවුස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කොදෙව් අවසන් බලාපොරොත්තුවද බිද දමමිනි.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිවුස් ලකුණු 59කට කඩුලු 4ක් බිද හෙලමින් කලකට පසු යළිත් පන්දුවෙන් දසක්ම් දැක්වීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාදැවී ලකුණු 307ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ( 55 ) ,ධනංජය ද සිල්වා ( 51 ) බැගින් අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

ඇන්ජලෝ මැතිවුස් අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී, වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.