පාකිස්ථානයට එරෙහි තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණඩායම තරගබිමට

ලොව අංක එකේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ප්‍රථම තරගාවලි ජයග්‍රහණයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පිටියට පිවිසෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි .

අද (07 දා) දෙරට අතර දෙවැනි තරගය ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වේ.

පාකිස්ථානය සමඟ පැවති පළමු තරගයේදී ලකුණු 64ක අති විශිෂ්ට ජයක් ලැබූ ශ‍්‍රී කණ්ඩායම තුල එම දැඩි මානසික ස්ථාවරයක් පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග‍්‍රහණයත් සමග අද පැවැත්වෙන තරගයද ජය ගනිමින් තරගාවලි ජයග‍්‍රහණය උදුරා ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින පවසයි.

‘‘තරගයට එන්න කලින් ඉඳලම කණ්ඩායමේ හැමෝගෙම ලොකු විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා. අපි තරගයට එන්න කලින් සැලසුම් කළ ආකාරයට සියලූ දේම සිදුවුණා. ඉතිරි තරග දෙකත් මේ විදිහටම සැලසුම් කරමින් ජයග‍්‍රහණ කරන්න පුළුවන් මානසිකත්වයක් අපිට තියෙනවා.’’

පාකිස්තාන් සමස්ත කණ්ඩායම ක‍්‍රීඩා කර ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 402 කි. ශ‍්‍රී ලංකා පිලේ සමස්ත විස්සයි විස්ස ජාත්‍යනතර තරග එකතුව 128 කි. නමුත් කිසිදු පීඩනයක් නොමැතිව මෙන්ම පළපුරුදු සංයුතියක් මෙන්ම දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පිල සත්කාරකයන්ව පරාජයට තල්ලූ කර දැමුවේය. පසුගිය කාලයේදී ක‍්‍රීඩකයන්ට අවස්ථාව එකදිගට ලැබුණේ නම් ඔවුන් දක්ෂතා දක්වන බවද ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයා වැඩිදුරටත් පවසයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.