සිංගර් කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු තරග වටයේ පැවති තරගයකදී කොළඹ සහීරා විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය සමත් විය. මෙම තරගය සහීරා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ජෝශප් වාස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සහීරා විද්‍යාලයට ආරාධනා කළ සිටි අතර, එහිදී සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 78ක් පමණි. ජෝශප් වාස් විද්‍යාලයේ මෙනූෂ පෙරේරා ලකුණු 06කට කඩුලු 4ක් සහ අචින්ත ප්‍රනාන්දු ලකුණු 04කට කඩුලු 2 බැගින් බිද හෙලමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූහ.
පිළිතුරු පළමු ඉනිම ඇරඹූ ජෝශප් වාස් විද්යාපය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ලකුණු 41ක් සහ මෙනූෂ පෙරේරා ලකුණු 40 බැගින් රැස් කිරීමට සමත් වූහ.
ලකුණු 79ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සහීරා විද්‍යාලයට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 114ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නිපුන් ධනංජය ලකුණු 25කට කඩුලු 4ක් බිද හෙලීය.
ලකුණු 35ක ජයග්‍රහාහී ඉලක්කය හඹාගිය ජොශප් වාස් විද්‍යාලය කඩුලු 2ක් පමණක් සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය. දෙවැනි ඉනිමේදී ද ලකුණු අතරට පිවිසි නිපුන් ධනංජය නොදැවී ලකුණු 33ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.
Be the first to comment