ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පෙරමුණ ගන්න ස්මිත් – කෝලි ද්වන්ධ සටනක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණය අනුව ඉන්දියානු නායක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටිව් ස්මිත් අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම වර්ගීකරණයේ පෙරමුණ ගෙන සිටින ස්ටිව් ස්මිත් ප්‍රසාද ලකුණු 937 ලබා සිටින අතර විරාට් කෝලි ප්‍රසාද ලකුණු 936ක් සමගින් දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු 903ක් ලබා සිටි විරාට් කෝලි දකුණු අප්‍රිකාවට එරෙහිව තම ටෙස්ට් දිවියේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් තම ගිණුමට තවත් ප්‍රසාද ලකුණු 33ක් එක්කර ගැනීමත් සමත් වූයේ ස්ටිව් ස්මිත්ට කරට කර තරගයක් ලබා දෙමිනි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී යළිත් විරාට් කෝලිට දක්ෂතා අතරට පිවිසීමට අවස්ථාව හිමිවන්නේ නම්, ස්ටිව් ස්මිත් පසුකර යාමට අවස්ථාව උදා වී තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.