45 වැනි වරටත් පවත්වනු ලබන ජාතික මහ ක්‍රීඩා උළෙල, මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ.
තරගාවලිය පිළබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියාසිටියේ, තරගාවලියට සහභාගී වන සියලුම ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.
වෙනත් වසරවලට වඩා හාත්පසින්ම වෙනස් වූ තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්විය හැකි බවත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදානත්වයෙන් මොටර් රථ දෙකක් ප්‍රධානය කිරීමට නියමිත බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ වනවිට පවත්වා ඇති තරග වලට අනුව, රන් පදක්කම් 72ක්, රිදී පදක්කම් 54ක් සහ ලෝකඩ පදක්කම් 52ක් සමගින් සමස්ත පදක්කම් 178ක් හිමිකර ගනිමින් බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, ඔවුන්ට අභියෝග කරමින් දෙවැනි ස්ථානයේ රැදී සිටින මධ්‍යම පළාත රන්පදක්කම් 22ක්, රීදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමගින් සමස්ත පදක්කම් 76ක් හිමිකර සිටියි.
පදක්කම් සටහනේ වයඹ පළාත සහ දකුණු පළාත පිළිවෙලින් තෙවැනි සහ සිව්වන ස්ථාන දිනාගෙන සිටින අතර උතුරු පළාතට මෙම සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.
තරගාවලියේ සමාරම්භක උළෙල මේ මස 24 වැනිදා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විමට නියමිත අතර සමාප්ති උත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් 27 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
Be the first to comment