ආසියානු නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරන “ ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කාන්තා තරගාවලිය අද ( 22 ) සිට මේ මස 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානයත්, ඉන්දියාව සහ බංග්ලාදේශයත් අද (22) තරග බිමට පිවිසීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරමින් ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේය යන කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ.

තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

තරග කාල සටහන

ඔක්. 22 – ඉන්දියාව සහ බංග්ලාදේශය තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක් 23 – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

පාකිස්තානය සහ බංග්ලාදේශය තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී

ඔක් 25 – ඉන්දියාව සහ පාකිස්තානය තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී

ඔක් 27 – අවසන් මහ තරගය කොළඹ ආර් ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.