පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් එළඹෙන ඕස්ට්‍රේලියා විස්සයි 20 සහ ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය තරග 3 -0 කින් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීමත් සමග සෆ්රාස් අහමඩ් සතුව පැවති විස්සයි 20 සහ ටෙස්ට් නායකත්වය බාබර් අසාම්ට සහ අසාර් අලීට ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ලියවර ගත්තේය.
දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 3 වැනිදා ආරම්භ විමට නියමිත අතර, තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ.
පාකිස්තාන විස්සයි 20 සංචිතය – බාබර් අසාම් ( නායක ) , අසීෆ් අලී, ෆකාර් සමාන්, හරිස් සොහේල්, ඉෆ්තිකර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, කෞදිල් ෂා, මොමොහඩ් අමීර්, මොහොමඩ් හසන්,මොහොමඩ් ඉර්ෆාන්, මොහොමඩ් රිස්වාන්, මුසා ඛාන්, වහබ් රියාස්, ශඩාබ් ඛාන්, උස්මාන් කදීර්
පාකිස්තාන ටෙස්ට් සංචිතය -අසාර් අලී ( නායක ), අබිඩ් අලී, අසාද් ශෆික්, බාබර් අසාම්, හරිස් සොහේල්, ඉමාම් උල් හක්,ඉම්රාන් ඛාන්, ඉෆ්තිකර් අහමඩ්, කශිඩ් භාති, මොහොමඩ් අභාස්, මොහොමඩ් රිස්වාන්, නුසා ඛාන්, නසිම් ෂා, ෂයින් ෂා අෆ්රිඩ්, ශාන් මසූද්, යසීර් ෂා
Be the first to comment