බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියේ නායකත්වය රොහිත් ශර්මාට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම  අතර ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගවෙලියේ නායකත්වය ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ශර්මාට ලබාදීමට එරට තේරී ම් කමිටුව තීරණය කර තිබේ. ඒ ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි විස්සයි 20 තරගාවලියේදී විවේක ගැන්වීමට තීරණය කිරීමත් සමගය.

තුන් ඉරියව් ක්‍රීඩක ශිවාන් ඩබ් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් විස්සයි තරගාවලියට කැඳවා ඇති අතර එයට අමතරව සංජු සැම්සන් ද කණ්ඩායමට කැඳවා තිබේ.

විරාට් කෝලි විස්සයි 20 තරගාවලියේදී විවේක ගන්වා ඇති මුත්, ටෙස්ට් තරගාවලියේදී යළිත් ඉන්දීය කණ්ඩායමට එක් වීමට නියමිතය.

දෙරට අතර විස්සයි 20 තරගාවලිය ලබන නොවැම්බර් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය විස්සයි 20 සංචිතය – රොහිත් ශර්මා ( නායක ), ශිකර් ධවාන්, කේ එල් රාහුල්, සංජු සැම්සන්, ශ්‍රියාස් අයිවර්, මනිෂ් පාන්ඩේ,  රිෂාබ් පාන්ට්, වොශින්ටන් සන්ඩර්, කෘනාල් පාණ්ඩ්‍යා, යුස්වෙන්ද්‍ර චහල්, දීපක් චහර්, ඛලිල් අහමඩ්, ශිවාන් ඩබ්, ශර්දුල් තකූර්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.