ස්ටාක්ගේ සහ කමින්ස්ගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පළමු ඉනිම ලකුණු 240 න් නවතී

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අද ( 21 ) සමත් වූහ.

පාකිස්තාන ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක අසාර් අලී සහ ශාන් මසෝද් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවද, හැරීස් සොහේල් සහ බාබර් අසාම් එක් ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමත් සමග පාකිස්තාන ඉනිම කඩා වැටීම සිදු විය.

පාකිස්තින ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා බවට පත් වූ අසාද් ෂෆික් පන්දු 134කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 52කට කඩුලු 4ක් සහ පැට් කමින්ස් ලකුණු 60කට කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වූහ.

පාකිස්තාන පළමු ඉනිම – පන්දුවාර 86.2කදී සියලු දෙනා දැවී ලකුණු 240

( ශාන් මසූද් 27, අසාර් අලී 39, අසාද් ෂෆික් 76, මොහොමඩ් රිස්වාන් 37, යසීර් ෂා 26, මිචෙල් ස්ටාක් 52/4, පැට් කමින්ස් 60/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.