ශ්රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම නේපාලයේ කත්මණ්ඩු නුවරදී පාකිස්තානය 2/0 ක් ලෙස පරාජයට පත් කිරීමත් සමඟ තරගාවලියේ පෙරළියක් ඇති කළේය. මෙම ජයග්රහණයත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට අවතීර්ණ වී ඇති අතර අද (4) ඉන්දියාව රන් පදක්කම සඳහා ක්රීඩා කරනු ඇත.
අනිකා සෙනෙවිරත්න ශ්රී ලංකාවට පරිපූර්ණ ආරම්භයක් ලබා දුන්නේ මහින් කුරේෂි 6/4 6/4 පරදවමින්.
ඉන්පසුව අංජලිකා කුරේරා ප්රවීණ ක්රීඩිකා සුහයිල් උෂානාට එරෙහිව තියුණු ජයක් ලැබීය. ඇය පළමු වටය 6/4 ලබා ගත් නමුත් දෙවන වටයේ මුල් අවදියේදී 2/6 ලෙස පසු බැසීමට ලක්වුයේ ප්රතිවාදියා ඇගේ රිද්මය සොයාගත් හෙයිනි.
තුන්වන වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අතර අංජලිකා සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ජය තහවුරු කර ගත්තාය . අද රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයේදී ශ්රී ලංකාව ඉන්දියාව හමුවනු ඇත.
Be the first to comment