දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගැනීමත් සමග ඇය පිළිබඳව මේ වනවිට සියලු සමාජ මාධ්‍යයන් කතා බහ කරමින් සිටියි.
නිලානි රත්නායක යනු කාන්තා මීටර 3000 තරග ඉසව්වේ ජාතික ශූරියයි. නමුත් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එම තරග ඉසව්ව ඇතුළත් නොවීම නිසා ඇයට දකුණු ආසියානු වරම් අහිමිව සිටියාය. නමුත් ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ මැරතන් තරග ඉසව්වේ නම්දරා සිටින හිරුණි විජේරත්න ඇයට හිමි 5000 තරග ඉසව්ව ස්ව කැමැත්තෙන්ම නිලානි වෙත පරිත්‍යාග කිරීම ඉදිරිපත් වූවාය. ඒ අනුව හිරුණි විජේරත්න මීටර 10 000 තරග ඉසව්ව සහ මැරතන් තරග ඉසව්ව පමණක් ඇය වෙනුවෙන් තබා ගැනීමට කටයුතු කළේ නිලානි වෙත ද සාග් තරගාවලිය වෙත ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබා දෙමිනි.
මෙවර කණ්ඩායම් නායිකාව වූ නිමාලි ලියනාරච්චි හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් ඇයගේ මීටර 1500 තරග ඉසව්ව ද නිලානි රත්නායක වෙත හිමිවිය. .එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් නිලානි මළල ක්‍රීඩා අංශයේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූයේ කාගේත් අවධානය ඇය වෙත නතුකර ගනිමිනි.
ඇයට මීටර 5000 තරග ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව රනින් බැබළවීමට හැකිවේවායි srilankasports අපි සුබ ප්‍රාර්ථනා එක්කර සිටින්නෙමු !
Be the first to comment