SAG 2019 – භූතානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 179ක ජයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවති පිරිමි විස්සයි 20 තරගයෙන් ලකුණු 179ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පිරිමි කණ්ඩායම අද ( 04 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කය හඹාගිය භූතාන කණ්ඩායමට පන්දුවාර 18.4කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 75ක් පමණි.

භූතාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආර් එම් ඩෝර්ජි ලකුණු 22ක් රැස් කරද්දී සෙසු පිතිකරුවන් සියල්ලෝම ලකුණු 10 අඩුවෙන් දවා ලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක ( 76 ) සහ නිෂාන් මදුෂංක ( 65 ) අර්ධ ශතක රැස් කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 148ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 සීමාවෙන් එපිටතට ගෙන යාමට දායකත්වය ලබා දෙමිනි.

පැතුම් නිශ්ශංක පන්දු 48කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 76ක් රැස් කරද්දී, ඔහුට අනගි සහයක් ලබාදුන් නිෂාන් මධුෂංක පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් වේගවත් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.

ඔවුන් දෙපලගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ කමිදු මෙන්ඩිස් ( 27 ) සහ ශම්මු අශාන් ( නොදැවී 14 ) රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ. නායක චරිත් අසලංක පන්දු 15 කින් ලකුණු 25ක් රැස් කරද්දී, අශේන් බණ්ඩාර අවසන් පන්දු 5 තුළදී  හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 14ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 248

( පැතුම් නිශ්ශංක 76, නිෂාන් මධුෂංක 65, කමිදු මෙන්ඩිස් 27, චරිත් අසලංක 25, ශම්මු අශාන් නොදැවී 14, අශේන් බන්ඩාර නොදැවී 14 )

භූතාන කණ්ඩායම – පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 75

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.