වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය ඊයේ ( 08 ) ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
මෙවර කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි නිපුන් ධනංජය පෙරේරාට හිමිව තිබේ.
කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කමිල් මිෂාර කටයුතු කරද්දී, නවොද් පරණවිතාන කණ්ඩායමේ ප්රධාන තුන් ඉරියව් ක්රීඩකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. නායක නිපුන් ධනංජයගේ මග පෙන්වීම යටතේ රවිඳු රසන්ත, කවිඳු නදීෂාන් සහ අශාන් වික්රමසිංහ කණ්ඩායමේ ප්රධාන පිතිකුරුවන් ලෙස කටයුතු කරද්දී, අම්ෂි ද සිල්වා, චමිදු විජේසිංහ සහ ඩිල්ෂාන් මධුෂංක වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කිරීමට නියමිතය. අශේන් ඩැනියෙල් කණ්ඩායමේ ප්රධාන දග පන්දු යවන්නා ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිතය.
ශ්රී ලංකාව මෙවර ඒ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙන අතර ඒ අනුව, ඉන්දියාව, නවසීලන්තය සහ ජපානය සමගින් පළමු වටයේදී තරග වැදීමට නියමිතය.
ශ්රී ලංකා යොවුන් කණ්ඩායම – නිපුන් ධනංජය ( නායක ), නවෝද් පරණවිතාන, කමිල් මිෂාර, අශාන් විකුමසිංහ, සොනාල් දිනූෂ, රවිඳු රෂන්ත, මොහොමඩ් ශමාස්, කවීෂ අභිෂේක්, චමිදු විජේසිංහ, අශේන් ඩැනියෙල්, දිලුම් සුධීර, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අම්ෂි ද සිල්වා )
Be the first to comment