සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති පෙරපුහුණු තරගයේදී ලකුණු 15ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පෙර හොඳ පෙරහුණුවක් ලබා ගැනීමට ඊයේ ( 13 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 198ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට පන්දුවාර 44.1 කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 182ක් පමණි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෝනතන් බර්ඩ් ලකුණු 71 ක් සහ ජැක් ලීස් ලකුණු 46ක් බැගින් රැස් කිරීමට සමත් වුවද, එය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවා ගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අම්ෂි ද සිල්වා ලකුණු 30කට කඩුලු 2 බිද හෙලීමට සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවි ලකුණු 197ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක නවොද් පරණවිතාන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 64කදී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෙරික් බ්‍රෙට් සහ ටියාන් වෑන් කඩුලු දෙක බැගින් බිද හෙලීමට සමත් වූහ.
Be the first to comment