SL vs ZIM –  කසූසා සහ ප්‍රින්ස් මංගල අර්ධ ශතක රැස් කරද්දී, පළමු දිනයේ වැඩි වාසිය සිම්බාබ්වේ වෙතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම මන්දාලෝකය හේතුවෙන් පළමු දිනය වන අද ( 19 ) දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 189 ක් ලබා සිටියේය.

පන්දුවට පහර දෙමින් සිටින ක්‍රේග් එර්වින් ( නොදැවී 55 ) සහ බ්‍රෙන්ඩන් ටේලර් ( නොදැවී 13 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

සිම්බාබ්වේ නායක සීන් විලියම්ස් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව සිය ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ප්‍රින්ස් මැස්වයර් සහ කෙවින් කසූසා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. සිය මංග ටෙස්ට් තරගයට එක් වූ කෙවින් කසූසා  එහිදී මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වෙමිනි. ඔහු එහිදී මිනිත්තු 320 පමන කාලයක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දු 214 කදී ලකුණු 63 ක් රැස් කිරීමට සමත් විය. එයට හයේ පහරක් සහ හතරේ පහර 5ක් එකතු කර ගනිමින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ප්‍රින්ස් මැස්වයර් පන්දු 147කින් හතරේ පහර 7ක් සමග ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූයේ සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමිනි.

ප්‍රින්ස් මැස්වයර් සහ කෙවින් කසූසා ගොඩ නැගූ ඉනිමට ජීවයක් එක්කළ ක්‍රේග් එර්වින් සිය ටෙස්ට් දිවියේ සිව්වන ටෙස්ට් අර්ධ ශතකය ( නොදැවී 55 )  ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පලමු දිනයේ වැඩි වාසිය ඔහුන් වෙත හරවා ගනිමිනි.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ ළහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියද, සෙසු පන්දු යවන්නන්ට පළමු දිනයේ පන්දු යැවීමෙන් වැඩි යමක් කිරීමට අවස්ථාවක් හිමි නොවූහ.

හෙට ( 20 ) තරගයේ දෙවැනි දිනයයි.

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 84 කදී කඩුලු 2කට ලකුණු 189

( ප්‍රින්ස් මැස්වයර් 55, කෙවින් කසූසා 63, ක්‍රේග් රඒවින් නොදැවී 55, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 13 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.