ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස පැවැති ඇෆ්ගනිස්තාන නවසීලන්ත තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම ඊයේ ( 08 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 32.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ කේන් විලියම්සන් පන්දු 99 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් රොස් ටේලර් පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් රැස් කිරීමට සම් විය.

පන්දු යැවීමේදී ඇෆ්ටබ් අලාම් ලකුණු 45 කට කඩුලු 3 ක් බිද හෙලීය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 172 ක් පමණි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෂ්මතුල්ලාහ් ශහිදී පන්දු 99 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙම්ස් නීෂම් ලකුණු 31 කට කඩුලු 5 ක් සහ ලොකී ෆර්ගිවුසන් ලකුණු 37 කට කඩුලු 4 බැගින් බිද හෙලූහ.

නවසීලන්තය ඇෆ්ගිනිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. නවසීලන්තය මෙතෙක් සහභාගී වූ තරග ත්‍රිත්වයම ජය ගනිද්දී ඇෆ්ගනිස්තානය සහභාගී වූ කිසිදු තරගයක් මෙතෙක් ජය ගැනීමට සහත්ව නොමැත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.