දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙන ලකුණු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද ( 10 ) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරගය අත්හැර දැමීමට තරග තීරකවරුන් පියවර ගත්තේය.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් ප්‍රදානය කළ අතර නවතම වර්ගීකරනයට අනුව ප්‍රසාද ලකුණු 3 ක් සමගින් බටහිර ඉන්දීය කොදෙව්වන් එම සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටියි. දකුණු අප්‍රිකාවට අද හිමිවූ  ප්‍රසාල ලකුණත් සමගින් එම සටහනේ හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි. ඒ අනුව මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකාව සහභාගී තරග 4 න් 3 ක්ම පරාජය වීම නිසා ඔවුන්ට මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට එක්වීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇත.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ක්වින්ටන් ඩි කොක් සහ හෂිම් අම්ලාට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ශෙල්ඩන් කොට්‍රිල් ලකුණු 6 ක් ලබා සිටි හෂීම් අම්ලා පිටියෙන් ඉවත් කිරීමට  සමත් විය. අද තරගයට කැදවනු ලැබූ ඒඩ්න් මාක්‍රම්ටද කොට්‍රිල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට රැස්කර ගතහැකි වූයේ ලකුණු 5 ක් පමණි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ක්වින්ටන් ඩි කොක් පන්දු 21 කදී හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී ශෙල්ඩන් කොට්‍රිල් ලකුණු 18 කට කඩුලු 2 ක් බිද හෙලීය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.