බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අද තරග බිමට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවැනි තරගය අද ( 21)  එංගලන්තයට එරෙහිව ලීඩ්හිදී පැවැත්වීමට නියමිතයි. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ඇතුළුව සෙසු තරග 3 ම ජය ගැනීමේ තත්තවයක් නිර්මාණය වී තිබේ. එයට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන අගයක පැවතීම නිසාවෙනි.

ශ්‍රී ලංකාව මෙවර තරාගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන්ම නවසීලන්තය හමුවේ කඩුලු 10 ක දරුණු පරාජයකට මුහුණ දීමට සිදු විය. එහෙත් ඇෆ්ගනිස්තානය සමගින් පැවති තරගය ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, පකිස්තානය සහ බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වැස්සට සේදී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 2 කින් සෑහීමට සිටින්නේ දු විය.

ඕස්ට්‍රේලියාව සමගින් පැවති තරගය ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ජය ගැනීමට හැකියාව පැවතියත් , ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් එම තරගයේද පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූයේ තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමේ අවස්තාව පිළිබඳ චකිතයක්ද ඇති කරමිනි. ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේ නම්, කිසිම ගැටලුවකින් තොරව සෙසු තරග 4න් 2 ක් හෝ ජය ගනිමින් පහසුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්තාව තිබිණ.

නමුත් පවතින තත්තවය මත ශ්‍රී ලංකාවට සෙසු තරග 4න් දෙකකදීම හමුවීමට ඇත්තේ, මෙවර තරගාවලියේ දක්ෂතා අතරින් පෙරමුණේ පසුවන එංගලන්තය සහ ඉන්දියාව සමගින් වීම යම් අභියෝගයක් බවට පත් වී තිබේ. දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ සුපුරුදු රිද්මයට පැමිණ නැතත්, පසුගිය කාල වකවානුව දෙස බැලීමේදී එම තරගයද ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් වනු නොවනුමානය. ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් පිළිඹඳව බලාපොරොත්තුවක් තබාගත හැක්කේ බටහිර ඉන්දීයකොදෙව්වන් සමගින් පැවැත්වෙන තරගය පමණි. නමුත් එම තරගයද ශ්‍රී ලංකාවට අවිනිශ්චිත ස්වභාවයක් ගෙනදෙනු  ලබන්නේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් තරග 5 ක් අවසානයේදිත් සිය රිද්මය සොයා ගැනීමට අපොහොසත් වීම නිසාය.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දු වීමට මාන බලන එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ට ඇති සෙසු තරග වලින් දෙකක් පමණක් ජය ගැනීමට සමත් වන්නේ නම් ඔවුන් පහසුවෙන්ම අවසන් කණ්ඩායම් 4 ට සේන්දු වීමට හැකියාව පවතී.

එංගලන්ත කණ්ඩායම විසින් ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වසරේදීයි. ඒ අනුව වසර 20කට පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන ජයක් වාර්තා කිරීමේ අරමුණින් එංගලන්ත කණ්ඩායම අද පිටියට පිවිසිමට නියමිතයි. 2007, 2011 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලිහිදි එංගලන්තය සමග පැවති සෑම තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබීම විශේෂත්වයකි.

දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක් එංගලන්ත කණ්ඩායම ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 4ක් පමනි.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හයවන ස්ථානයේත්  සත්කාරක එංගලන්තය තෙවැනි ස්ථානයේත් පසුවෙයි. කණ්ඩායම් දෙක පිළිබදව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවට වඩා එංගලන්ත කණ්ඩායම පෙරමුණේ සිටින බව සත්‍යකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.