ලෝක කුසලාන බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එංගලන්තයට

චතුරංගි ජයසුරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන 27 වෙනිදා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වීම පිණිස ශ්‍රී ලංකාවෙන් බැහැර විමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියට සති දෙකක පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා යන අතර එහිදී ඔවුන් එංගලන්තයේ ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක් සමඟ පුහුණු තරග කිහිපයකට සහභාගිවී ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සුදානමක් ලබාගැනීමට බලාපොරොත්තුවේ.

එංගලන්තය ට යාමට පෙර බොට්ස්වානා රාජ්‍යයේ සංචාරයක යෙදුනු ශ්‍රී ලංකා කණ්ඩායම එහිදිඉට පහුණු තරග කිහිපයකට සහභාගී වී සිය දක්ෂතාවයන් වැඩි දියුණු කර ගනු ලබීය.

ජුලි 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයේ ලිවර්පූල් හිදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානේදී, ලෝක ශ්‍රේණිගත කිරීමේ මුල්ම තැන රැඳෙන රටවල් 6 සමග යුරෝපය, ඕශනියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ආසියාව ලෙසින් ලෝකයේ අනෙකුත් කලාපවල ශූරියන් සහ අනුශූරියන් දස දෙනෙකු සමග කණ්ඩායම් 16ක් මෙම ලෝක කුසලාන සටනට සැරසී සිටියි.

ආසියානු ශුරියන් ලෙස මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකාව තවත් ප්‍රබල කණ්ඩායම් සමඟින් තරග වදින අතර සිය ප්‍රථම තරගය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග වදිනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් අභියෝගය වන්නේ නොදර්න් අයිලන්ඩ් කණ්ඩායමයි. මෙම තරග දෙක ඉතාමත් අභියෝගාත්මක වන අතර එහිදී ලබන ජයග්‍රහණයන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යාමට සිහින දකින ශ්‍රී ලංකාවට වැදගත් වැදගත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ බලාපොරොත්තුව මෙවර තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වෙනි ස්ථානයට රැගෙන ඒමයි.

ලෝක කුසලාන තරග අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් 8 දෙනෙක් කණ්ඩායමේ සිටීම මෙන්ම අඩි 6ට වැඩිය උස ක්‍රීඩිකාවෝ 5 ක් කණ්ඩායම සතුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනෙක් කණ්ඩායම් සඳහා හොඳ තරගයක් ලබාදීමේ හැකියාව තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.