ශ්‍රී ලංකා ක්‍රිකට් යලිත් 1996 වසරට කාල යාත්‍රා කරයි.

1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා වැඩි දායකත්වයක් සැපයු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ .

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලට අනුව වට්මෝර් මේ වනවිටත් උපදේශක තනතුර භාරගැනීමට කැමැත පළකර තිබෙන අතර, ඊට සම්බන්ධ වෙනත් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටි.

ශ‍්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වන 65 හැවිරිදි වට්මෝර් ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්‍ෂණය සඳහා පත් කිරීමට නියමිතය.

ඒ අනුව වට්මෝර් වයස 15න් පහළ සිට වයස 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගී එන සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමේ වගකීම මෙන්ම පළාත් ක‍්‍රිකට් සංවර්ධනය කිරීමේ වගකීමද
පැවරීමටද නියමිත බව වාර්තා වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.