ඉදිරි සිව් වසර තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තයේ අඩිපාරේ යමින් කණ්ඩායම නැවත ගොඩනඟා ගත යුතු බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්රීඩක කාලෝස් බ්රැත්වෙයිට් විශ්වාස කරයි.
“2015 ලෝක කුසලානයෙන් පසුව එංගලන්තය කළ දේ දෙස බැලුවහොත්, ඔවුන් 2019 ලෝක කුසලානය දක්වා තමන්ගේ කණ්ඩායම ගොඩනැගීම සිදු කර එහි ප්රතිපල දැන් ඔවුන් නෙලා ගන්නවා . එය අපිට ආදර්ශයක් ”
“කණ්ඩායමක් වශයෙන්, අපි නැවත එකතු විය යුතුයි. අපට යම් කාලයක් තිබේ, සමහර වේදනාකාරී අද්දැකීම් යථා තත්ත්වයට පත්වීමට කාලය ලැබෙනු ඇත. ඉන්පසු එය තරග ජයග්රහණ සඳහා ක්රම සහ සංයෝජන සොයා ගැනීමට හැකියි ” යනුවෙන් බ්රැත්වෙයිට් පැවසිය.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමට කොදෙව්වන් මෙවර අසමත්විය.
Be the first to comment